Tuesday, July 01, 2025
Follow Us
හිටපු ඇමති අතාවුද අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න මහතා අද (31) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 91 වන වියේ පසුවිය.

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මුල්වරට 1970 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසුණු ඒ මහතා 1989 වසරේ සිට 2015 දක්වා වරින්වර පාර්ලිමේන්තුව සහ සබරගමුව පළාත්සභාව තුළ මැති ඇමතිකම් දැරුවේය.

(LNW)