Tuesday, July 01, 2025
Follow Us
විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ගෙන එන බව ගම්මන්පිල කියයි

ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු තනතුරක් දැරීමට නොහැකි වන ආකාරයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

20 වන සංශෝධනයේ මෙන්ම 19 වන සංශෝධනයේ පවතින අඩුපාඩු කිහිපයක් මෙම නව සංශෝධනය මඟින් නිවැරදි කිරීමට අපෙක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී කියා සිටියා.

පවතින දේශපාලන අරගලය තුළින් ඉදිරියේදී ජාතික නායකයෙකු බිහිවනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

(Neth)