Wednesday, July 02, 2025
Follow Us
IMF වාර්තාව ගැන රනිල් හදිසි විවාදයක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.

මේ බව එක්සත් පක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත් මුල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ එම වාර්තාව පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)