Wednesday, July 02, 2025
Follow Us
විමල්ගෙන් සැර කතාවක්

අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ


ආණ්ඩුව ජනවරමට පිටුපාන්නේ නොමැතිනම් ආණ්ඩුව වැට්ටවීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව ජනවරමට පටහැනිව තවදුරටත් ගමන් කරමින් තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ “මුළු රටම හරි මඟට ” ජාතික වැඩපිළිවෙල මහා සංඝරත්නයට පිළිගැන්වීමේ වැඩසටහනට අද (26) එක්වෙමිනි.

“උන්වහන්සේලාගේ අනුශාසනාව වුණෙත් පවුල් පාලනය අවසන් කරලා රට හරි තැනට ගන්න කියන එක. කොහොමත් අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ.මේ ආණ්ඩුවට ලැබුණ ජනවරමට පිටුපාන්නේ නැත්නම් අපිට ආණ්ඩුව වට්ටන්න ඕන නෑ.

ලැබුණ ජනවරමෙන් පිට පනිනනවානම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්ත අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. ඒ ගමන පරාජය කරන්න. මේ අපි කරන්නේ ඒක. තව තවත් ජනවරමට පටහැනිව යන ගමනක් පේන්න තියෙන්නේ. ”

(Aruna)