ගජමුතු විකිණීමට යාමේදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ පස්වරුවේ අම්පාර නගරයේ පිහිටි අවන්හලක් තුළ සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.
එහිදී සැකකරුවන් පැමිණි ජීප් රථයක තිබී ගජමුතු 03 ක්, විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක්, එම පතරොම් 08 ක් සහ හඳුනා නොගත් පාෂාණ කැබලි 05 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගැනුණා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලීසියට භාරදීමෙන් පසු ඊයේ පස්වරුවේ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
(Neth)