Wednesday, July 02, 2025
Follow Us
ආණ්ඩුවේ පක්ෂ 11, පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙයි

මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට පක්ෂ එකොළහේ එකමුතුව තීරණය කර තිබෙනවා. එම එකමුතුව සකස්කළ “රට හරි මගට” ජාතික වැඩපිළිවෙළ මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ ආණ්ඩුවේ බහුතර බලය ඉතා ඉක්මනින් අහිමි කරන බවයි. ඒ අනුව පක්ෂ එකොළහේ එකමුතුව ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

කෙසේවෙතත් රටට හිතකර ඕනෑම යෝජනාවකදී සහය ලබාදීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ.

(Neth)