Sunday, April 12, 2026
Follow Us
එක්සත් ජාතික පක්ෂයත් අද කොළඹට

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහයක් කොළඹ හයිට් පිටියේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ රට ගොඩනැගීමේ දැක්ම යන තේමාව ඔස්සේ එම සත්‍යග්‍රහය පැවැත්වෙන බවයි.

විරෝධතා පුවරු හෝ විරෝධතා පාඨවලින් තොරව එය පැවැත්වෙන බවද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩි දුරටත් සදහන් කළා

සුදු ඇඳුමින් සැරසී සාමකාමී ලෙස මෙම සත්‍යග්‍රහය සිදුකරන බවයි වැඩිදුරටත් පැවසුවේ.

(Neth)