Thursday, July 03, 2025
Follow Us
ආණ්ඩු පක්ෂය අද ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්


ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අරලියගහ මන්දිරයේ දී අද පස්වරු 6.30ට පමණ අදාළ රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මේ සඳහා අනිවාර්යයෙන් සහභාගි වෙන ලෙස දැනුම් දී ඇත.

මේ අතර, අද පෙරවරුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධි විධාන ) සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

(Aruna)