Thursday, July 03, 2025
Follow Us
මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන කතාව අමූලික බොරුවක් – ඇමති කනක

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ කණ්ඩායම් මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන එක ප්‍රචාරය කරනවා. ඒක අමූලික බොරුවක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒ වගේම ඒ ජනතාව වෙනුවෙන් අපි එදා වගේම කැපවෙලා කටයුතු කරනවා. දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනතාව කුපිත කිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවල සිදුකරන්නේ. පීඩාවට පත්වෙලා ඉන්නේ ජනතාව, ඒ පිළිබඳ වගකීම අපි රජයක් ලෙස භාරගත යුතුයි”

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

(LNW)