ලබන 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වන බවයි.
කෙසේවෙතත් ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කළ බවයි එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් පැවසුවේ. සමගි ජන බලවේගය ද ප්‍රකාශ කළේ සිය පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බවයි. එම සමුළුවට තම පක්ෂයද සහභාගී නොවන බවයි දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් ද ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම දෙමළ ජාතික ජනතා පෙරමුණ ද තීරණය කර ඇත්තේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමටයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මෙන්ම ජාතික ජනබලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව මීට පෙර ප්‍රකාශ කළා.
එහෙත් තමන් කළ ඉල්ලිමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගී වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ.
(Neth)