Thursday, July 03, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට ගෑස් ප්‍රහාරයක්

කෑගල්ලේදී වුන දේ


කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබෙනවා.

අද උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේ දීයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබෙනවා.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහි දී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

(Aruna)