ජාතික ජනබලවේගය ගත් තීරණය
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර තිබේ.
සර්ව පාක්ෂික සමුළුව ලබන 23 වනදා පැවැත්වීමට නියමිතය.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සිය පක්ෂය අදාළ සමුළුවට සහභාගි නොවන බවය.
කොළඹ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේය.
(Aruna)