Sunday, April 12, 2026
Follow Us
රට ගොඩ ගන්න වෙන බලවේග නැහැ - ගොඩගත හැක්කේ ආණ්ඩුවට පමණයි - රාජ්‍ය අමාත්‍යවරයෙක් කියයි

ඩොලර් අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු සියළු පියවර මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය සීමා කළේ ඉන් එක් පියවරක් ලෙස බවයි.

පවතින තත්ත්වයට මුහුණ දීමට හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් පැවසුවේ.

(Neth)