ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුව අතහැර යාමේ සූදානමක සිටින බව වාර්තා වනවා. ආණ්ඩුව නියෝජනය කරන කොටසකට පමණක් පක්ෂපාතී ලෙස යම් යම් තීරණ ගැනීම ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යධූර අහිමි කිරීම සම්බන්ධයෙන් ද මෙම පිරිස කලකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.
එම අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මාධ්‍යයට සිදුකරන ප්‍රකාශ මගින් ද එම තත්ත්වය පැහැදිළි වන බව ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෙකු ප්‍රකාශ කළා.
යම් තීරණාත්මක අවස්ථාවකදී මෙම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ද වාර්තා වනවා. කලකිරීමට පත්ව සිටින කණ්ඩායමේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ආණ්ඩුවේ ඉහළ පෙළේ පිරිසක් උත්සහ කළ ද එය ද අසාර්ථක වී තිබෙනවා.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයින් සමීපව ඇසුරු කරමින් සිදුකරන ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් ද මෙම පිරිස කලකිරීමෙන් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට රාමඤ්ඤ නිකායෙන් පසුගියදා ගෞරව නාමයක් ප්‍රදානය කළ අවස්ථාවේදී මෙම කණ්ඩායමට ද එම උත්සවයට ආරාධනා කර තිබෙනවා. කෙසේවෙතත් එම උත්සවයට ඔවුන් සහභාගී වී නැහැ.
(Neth)