Thursday, July 03, 2025
Follow Us
අපේ විතරක් නෙවෙයි ඇමරිකාවෙ මිනිස්සුත් ගෑස් නැතිව කෑගහනවා – ඇමති එස්.බී.

වත්මන් ආර්ථික අර්බුදය බලපා ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බවත් ඇමරිකාවේ ජනතාව පවා ගෑස් නොමැතිව උද්ඝෝෂණය කරමින් සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

“මේවා ආණ්ඩුවට ආර්ථික වශයෙන් බලපානවා. අපට විතරක් නෙවෙයි. ඇමරිකාවෙ මිනිස්සු ගෑස් නැතුව කෑගහන කෑගැහිල්ල …. අපට වඩා විශාල තෙල් ප්‍රශ්නයක් තියෙනවා. රුසියාවේ සහ යුක්‍රේනයේ මේ යුද්ධයත් එක්ක ලෝක ආහාර නිෂ්පාදනයේ හතරෙන් එකකට විතර තදින් බලපානවා. ගෑස් නිෂ්පාදනය, තෙල් නිෂ්පාදනය හතරෙන් එකකට විතර තදින් බලපානවා. හැබැයි මේ මොන ප්‍රශ්න තිබුණත් මේවා හොඳට අපට හුරුයි”

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති උත්සවයක් අමතමිනි.

(LNW)