Thursday, July 03, 2025
Follow Us
ආණ්ඩුවට එරෙහිව සජබ විරෝධතාවන් අඛණ්ඩව සිදුකරනවා - විපක්ෂ නායක කියයි

ජනතාවට සහන ඉල්ලා සමගි ජන බලවේගය අද දිනයේ විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයක නිරත වුණා. ඒ, මාර්ග දෙකකින් පැමිණි විරෝධතා පෙලපාලි ගාලුමුවදොරදී එකට එක්වීමෙන් පසුවයි.

එක් විරෝධතා පෙළපාලියක් ආරම්භ වූයේ කොළඹ විහාර මහදේවි උද්‍යානයෙන්. අනෙක් විරෝධතාව මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වුණා. මෙම විරෝධතාවට සැලකිය යුතු පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන කණ්ඩායම් හා ආරක්ෂක අංශ ද කැදවා තිබුණා. විරෝධතාවයට එක්වූ පිරිස් ගාලු මුවදොර මාර්ගයේ තමන් රැගෙන ආ විරෝධතා පුවරු පුලුස්සා දමන ආකාරය ද දැකගත හැකි වුණා. මේ පසුව ජනතාව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

සමගි ජන බලවේගයේ මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ගවල රථවාහන තදබධයක් ද පැවතුණා.

(Neth)