Thursday, July 03, 2025
Follow Us
ජනතාව දුක්විදින්නේ නිරායාසයෙන් ඇති වුණු අර්බුදයකින් නොවෙයි

ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක්


ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ නිරායාසයෙන් ඇති වුණු අර්බුදයකින් නොව වැරදි තීරණ හේතුවෙන් ඇති කරන ලද අර්බුදයක් නිසා යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

2021 වසරේදී ශ්‍රී ලංකාව ආනයනය සඳහා ඩොලර් බිලියන 20.6ක් වැය කළ ද ඛනිජ තෙල්, එල්.පී. ගෑස්, ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇත්තේ, ඩොලර් බිලියන 4.6ක් බව ඔහු පෙන්වා දෙයි.

තමන් ඇතුළු පාර්ශව ඉල්ලා සිටි පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා රජය සීමා පැනවීමට කටයුතු කළේ නම්, ජනතාවට මෙලෙස පෝලිම්වල දුක් විඳීමට සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)