අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ රාජකාරීවලින් බැහැරව සිටීමෙන් පීඩාවට පත් වන්නේ මෙරට ජනතාව බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවක සංගමය පවසනවා.
ජල සම්පාදන අමාත්‍යවරයා ගත් තීරණය හේතුවෙන් හදිසි අවස්ථාවක අමාත්‍යාංශයට අදාළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නොහැකි වන බවයි එම සංගමයේ සමලේකම් ඉංජිනේරු උපාලි රත්නායක පැවසුවේ.
ඉකුත්දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගනු ලැබුවා. ජනාධිපතිවරයා ගත් එම තීරණයට එරෙහිවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට සහ අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළේ.
(Neth)