Sunday, April 12, 2026
Follow Us
දෙමළ සන්ධානය සමග සාකච්ඡා සඳහා ජනපති දින නියම කරයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින වෙන්කර තිබෙනවා. ඒ අනුව අදාල සාකච්ඡාව මාර්තු 15 වැනිදා පැවැත්වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විවිධ හේතු නිසා එම සාකච්ඡාව නොපැවැත්විණි.

රට මුහුණ දී සිටින අර්බුද සමනය කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ සූදානමක්ද පවතින අතර ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇත.

(LNW)