Friday, July 04, 2025
Follow Us
වාසු, විමල්, ගම්මන්පිල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමත් වර්ජනය කරයි

අමාත්‍යධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් විරවංශ, උදය ගමම්මන්පිල සහ අමාත්‍යධූරයේ කටයුතුවලින් ඉවත් වී සිටින වාසුදේව නානායක්කාර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වර්ජනය කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනා, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පක්ෂ 11 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට එක්ව නොසිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් ද එම රැස්වීමට සහභාගී වී නැහැ. කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම රැස්වීමට සහභාගී වී ඇති බව ද වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වෙනුවට සිය කණ්ඩායම වෙනම රැස්වී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගන්නා බවයි. තමන් තවදුරටත් අමාත්‍යධූරයේ වගකීම් වලින් ඉවත්ව සිටින බව ද අමාත්‍ය වාසුදේව නානායක්කාර නෙත් නිවුස් වෙත කියා සිටියා.

(Neth)