Thursday, January 01, 2026
Follow Us
විමල් සහ උදය ආණ්ඩුවේ රඳවා ගත යුතුයි - ඇමති දිලුම් කියයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රදවා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වුවද එය ගැටලුවක් නොවන බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

(Neth)