Friday, July 04, 2025
Follow Us
තීරණයක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරු සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර, විශේෂ සාකච්ඡාවක් මේ වන විට නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට සහභාගී වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ, සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බවයි. එමෙන්ම තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අමාත්‍යවරුන් ධූරවලින් නෙරපීම පවතින අර්බුදයට විසදුමක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පැවසුවා.

මේ අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආණ්ඩුව පෙරේදා දිනයේ ගත් තීරණය පිළිබඳවද මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)