Friday, July 04, 2025
Follow Us
මැති ඇමැති පිරිසක් ලංකාව හැර යන්න හදයි ?

මැති ඇමතිලාගේ සූදානම


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටියි.

රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කර ඇති බවද පැවසේ.

අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා මේවන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බවත් අද රාත්‍රියේ නැවත ලංකාවට පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

(Aruna)