ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව පෙරේදා පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට එක්වූ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවයි. ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එහිදී පළවූ ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක ද මෙම වැඩසටහනට සහභාගිවී තිබුණා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව පෙරේදා පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනේදී හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේ ආර්ථික අර්බුද හමුවේ රට ගොඩ නැගීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව පවසමින්.
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි උත්සව ශාලාවකදී පැවැති එම වැඩසටහනට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටියා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත ද එක්ව සිටීම එහි සිටි කාගේත් අවධානයට ලක් වූ හේතුවක් වුණා.
(Neth)