Saturday, February 21, 2026
Follow Us
ශ්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාව ගැන රනිල් විවාදයක් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අදාළ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙසයි හිටපු අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේ නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දින 02 ක විවාදයක් ඉල්ලා ඇති බවයි.

(Neth)