Thursday, January 01, 2026
Follow Us
බදියුදීන්ට ඔහුගේ බිරියට විදෙස්ගතවීමට අවසර

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද දුන් නියෝගය


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔවුන්ට විදෙස්ගතවීමට අවසර ලබාදී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබේ.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට සහ ඔහුගේ බිරිදට විදෙස් ගමන් තහනම් කරනු ලැබීය.

(Aruna)