Thursday, January 01, 2026
Follow Us
සාගලට අලුත් වගකීමක්

එජාපයට අලුත් ජාතික සංවිධායකවර‌යෙක්


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරය සදහා සාගල රත්නායක මහතා පත් කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

සාගර රත්නායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරනු ලබයි.

සාගල රත්නායක මහතා ජාතික සංවිධායක ධූරයට පත් කිරීම සදහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර, ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් පක්ෂ කළමනාකරණ කමිටුව රත්නායක මහතා එම ධූරයට පත්කිරීම සදහා අනුමැතිය ලබාදී ඇත.

(Aruna)