Saturday, February 21, 2026
Follow Us
කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් පත් කෙරේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ එක් කාරක සභාවකට සාමාජිකයින් 22 දෙදෙනෙකු බැගින් පත් කළ බවයි. ඉදිරියේදී එම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඒවාට සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතව තිබෙනවා.

(Neth)