Monday, July 07, 2025
Follow Us
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

ඇමති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය


ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ජනවාරි 06 වැනිදා අත්සන් කළ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණි.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසිනි.

මෙම තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාව, ලංකා අයි.ඕ.සී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග අත්සන් කර තිබෙන බව එහිදී අමාත්‍යවරයා පැවසීය.

එම අවස්ථාවේදී අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාව, ලංකා අයි.ඕ.සී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 06 වැනි දින අත්සන් කළ ගිවිසුම එහි සියලුම ඇමණුම් සහිතව සභාගත කරමි. ඒ වගේම ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකි යලි රටට යන වාර්ථාව මම ඉදිරිපත් කරමි.”

(Aruna)