Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැස්වෙති

විදුලි අර්බුදය ගැන ජනපති එක්ක සාකච්ඡාවක්


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (07) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

මේ වනවිට රට තුළ උද්ගතවී ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බව එම රැස්වීමට සහභාගී වූ ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේය.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවට එහිදී අදහස් මතුවී තිබුණි.

(Aruna)