Thursday, January 01, 2026
Follow Us
එදා හොරු අල්ලන්න ආපු අපි හොරුන්ට ලයිසන් දුන්නා.දැන් හොරු උඩ පැන පැන හොරකම් කරනවා!

එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, අද (07) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් සිටින තෙක් රාජපක්ෂලාට නඩු දැමීමට ඉඩ නොදෙන බව පැවසූ ඇමතිවරයෙක් එදා යහපාලන ආණ්ඩුවේ සිටි ඔහු පසුව වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වූ බවත් දැන් ආණ්ඩුවත් සමඟ අමනාප වී පැත්තකට වී සිටින බවත් මන්ත්‍රීවරයා කියාසිටියේය.

එවැනි හැසිරීමක් යහපාලන ආණ්ඩුවේ ඇතැමුන් තුළ තිබුණ හෙයින් එදා හොරු ඇල්ලීම නිසිලෙස කිරීමට නොහැකි වූ බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන ලදී.

(LNW)