Saturday, February 21, 2026
Follow Us
පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා


පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 3ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණය.

(Aruna)