Thursday, January 01, 2026
Follow Us
නැදිගම්විල පවුල් 700කට විපක්ෂ නායක සජිත්ගෙන් පානීය ජලය

නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්‍යා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්‍රකාරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්‍රති ආශ්‍රිත ජල පෙරනය) ලබා දීමට කටයුතු කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දිනයේදී එම උත්සවය පැවති අතර මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය දිලිප් වෙදාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිළමේ ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

(LNW)