Thursday, January 01, 2026
Follow Us
ජනවරමට පිටින් යනවා නම් මේ ආණ්ඩුවේ ඉන්න අපට ඕනෑකමක් නෑ – විමල්

තමන් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ එය ජනවරමට අනුකූ‍ලව කටයුතු කරන තාක් කල් පමණක් බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

“මෙහෙමයි, මේ ආණ්ඩුවේ අපි ඉන්නේ ජනවරමට අනුකූලව ගමන යනතාක් පමණයි. අභ්‍යන්තර විසංවාද අපට තියෙන්න පුළුවන්. එහෙම නැතුව ආණ්ඩුවත් එක්ක තීරණාත්මක ගැටුමක් අපට නෑ. හැබැයි ජනවරමට පටහැණිව ගමනක් යනවා නම් එහෙම ආණ්ඩුවක් එක්ක ඉන්න අපට ඕනෑකමකුත් නෑ”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

(LNW)