Friday, October 18, 2024
Follow Us
ආණ්ඩුවට හා බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා

ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(22) පැවසීය.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා විමර්ශනය කර ඔහු නිවැරදි නම් ඔහුට සහය පළ කරන බව කී අමාත්‍යවරයා එසේ නැතිව පදනම් විරහිතව නගන චෝදනා එක්සත් ජාතික පෙරමුණ කිසි විටෙකත් එකඟ නොවන බවද කීය.

කොළඹ අරලියගහ මැදුරේදී පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(Lanka Leads News)