Monday, July 07, 2025
Follow Us
ශ්‍රීලනිපයෙන් ආණ්ඩුව ට යෝජනාවලියක්

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්


රටේ පවතින වත්මන් අර්බුදයන්ට පිළියම් ලෙස විසදුම් යොජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා අනුමැතිය හිමිවු බව ද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව (05) රැස්වීමෙන් අනතුරු මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම ද අද සිදුවිය.

දිවයිනම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම සිදුවී තිබේ.

ඒ යටතේ කාන්තා බලමණ්ඩල 160 ක් ආසන මට්ටමින් පිහිටුවීමට නියමිතය.

(Aruna)