Thursday, January 01, 2026
Follow Us
ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ගැන දයාසිරි හෙළි කරයි

මෙරට ආර්ථික අර්බුදයට දේශාපලඥයින් මෙන්ම තවත් පාර්ශව කිහිපයක් වග කිව යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදන සඳහා ව්‍යාපාරිකයින් වැඩි ඉඩකඩක් ලබා නොදීමද ආර්ථිකය කඩා වැටීමට බලපෑ බවයි.

රට හමුවේ පවතින ඩොලර් අර්බුදය කෙටිකාලීන විසදා ගත හැකි ආකාරය පිළිබඳවද එහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා රට හමුවේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට සමාජය විසින් විත්තිකරුවන් ලෙස මේ වන විටත් නම් කර ඇති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.

(Neth)