Thursday, January 01, 2026
Follow Us
ඇමති මහින්දට කොවිඩ්

පාර්ලිමේන්තු පොකුර


පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඊයේ (02) සිදු කළ කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අද (03) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කළා.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 46 දෙනෙකුට මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

(Aruna)