Friday, October 18, 2024
Follow Us
ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.

,"සුදුසු පුද්ගලයෙක් දාන්න ඕනේ. රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනකොට කේන්ති අරං.. මිනිස්සු නොමරන මිනිහෙක් දාන්න ඕනේ. "

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ "ජවිපෙයි ඒකාබද්ධ විපක්ෂයයි එකතු වෙලා මේක දිනන්න බෑ. අපි ඇත්ත කතා කරමුකෝ. TNA සහයෝගය නැතුව බෑ. මහින්ද මහත්තයා අගමැතිකමේ ඉන්නකොට අපිට 113 පෙන්නන්න බැරි වුණානේ. " යනුවෙනි.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි අදාළ විශ්වාසභංග යෝජනාවට පෞද්ගලිකව තමන් සහය දක්වන බවද කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.

(Neth)