Tuesday, July 08, 2025
Follow Us
ඩොලර් අර්බුදය විසඳන කෙටි මඟ ගැන සජබයෙන් පැහැදිලි කිරීමක්

පවතින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීනව ගත යුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ රට ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයකට පත් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

එමගින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම හරහා කෙටිකාලීනව ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාගත හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

රට තුළ පවතින ආර්ථික අර්බුද සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂයේ දේශපාලනඥයින්ගෙන් නිරන්තරයෙන් එල්ලවන්නේ දැඩි විවේචනයක්.

ඒ අනුව යම් හෙයකින් ඔවුන්ට රටේ පාලන බලය හිමිවුවහොත් ඩොලර් ප්‍රශ්නය විසදන්නේ කෙසේදැයි නෙත් නිවුස් විපක්ෂයෙන් සෘජුව ප්‍රශ්න කළා. අද එම ප්‍රශ්ණාවලිය හිමිවන්නේ සමගි ජනබලවේගයටයි.

(Neth)