Thursday, January 01, 2026
Follow Us
සමගි ජනබලවේගයට ජයගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කියයි

ඉකුත් මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රථිපලය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයට ජයගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ඡන්ද ලක්ෂ 80 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත යුතු බවයි.

ජනාධිපතිවරණය ජය ගැනීමට සිදුකළ යුතු වෙනස්කම් සිදුකරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)