Tuesday, July 08, 2025
Follow Us
පුංචි ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි

මැතිවරණ සූදානම ගැන බැසිල් කියයි


එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 09 වැනිදා ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

මෙම මැතිවරණ සූදානම පිළිබඳව ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ශ්‍රාම සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ (2 වැනිදා) පස්වරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මීළඟ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කැඳවීමට තවමත් කල්වේලා වැඩි බව මෙහිදී පෙන්වා දුන් මුදල් ඇමැතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද යම් තාක්ෂණික ගැටලු පවතින බව පෙන්වා දුන්නේය. එම තත්ත්වය මත පැවැත්විය හැකි එකම මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව සූදානම් බව පැවසූ ඇමැතිවරයා මීළඟ සති අන්තයේදී පොදුජන පෙරමුණු කාන්තා සම්මේලනය කැඳවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර කර දමා තිබූ ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරක කටයුතු මෙම රැස්වීම මගින් නැවත ආරම්භ කෙරෙන බවද පෙන්වා දුන් මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා දැනටමත් දින නිශ්චය කරගෙන ඇති බවයි.

(Aruna)