Friday, October 18, 2024
Follow Us
බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පක්ෂ අතර විවිධ මත

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ තීරණය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී ගැනීමට නියමිතයි.

දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක්ද ඒ සම්බන්ධයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ඊයේ (20) ප‍්‍රකාශ කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් තමා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවයි. තමා එම තීරණය ලබාගත්තේ විශ්වාසභංග යෝජනාවේ කරුණු අධ්‍යයනය කර බවද ප‍්‍රකාශ කෙරුණා. තමන්ද විශ්වාසභංග යෝජනාවේදී දැඩි තීන්දුවක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධනද ප‍්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් වෙත කියාසිටියේ දෙමළ ජාතික සන්ධානය කුමන තීරණයක් ගනු ලැබුවද තමන් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවයි.

අමාත්‍ය දයා ගමගේද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

"එතුමා රජයේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක්. චෝදනාවක් තියෙනවා නම් විශ්වාසභංගයෙන් ඉවත් කරන එක නෙමෙයි කරන්න ඕනේ..කවුරු වැරැද්දක් කරලා තියෙනවා වුණත් මමනම් කියන්නේ නීත්‍යානුකූලවම පියවර ගන්න ඕනේ. තාම එතුමට විරුද්ධව චෝදනාවක් ඔප්පු වෙලා නෑ නේ. "

(Neth)