Friday, October 18, 2024
Follow Us
ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුව එකවර බේරා ගැනීමයි

ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට විරුද්ධව ගෙන ඒමට උත්සහ දරන විශ්වාසභංගයේ අරමුණ වන්නේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීම බව රක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.

බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව තම කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ඊට අත්සන් නොතැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහාය දෙන බවට ප්‍රකාශ කර ඇතැයි තමන් පුවත්පත්වලින් දුටු බව පැවසූ අලුත්ගමගේ මහතා ඒ අනුව එම යෝජනාව ජරග්‍රහණය කිරීමට තමන්ට හැකියාව ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මන්ත්‍රීවරමා මේ බව සදහන් කළේ 20 කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(Lanka Leads)