Friday, October 18, 2024
Follow Us
බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය වැරදි ලෙස සටහන් කර ඇතත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කථානායකවරයා පියවර ගන්නේ නම් එය විවාදයට ගැනීම සඳහා ළඟම දිනයක් ලබාදීමට තමන් සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

තමන් දුටු විශ්වාසභංග යෝජනාවෙහි දිනය 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණු බව පැවසූ සභානායකවරයා එය එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවත් නිවැරදි ලෙස දිනය සටහන් කර විශ්වාසභංග යෝජනාවක්වත් ඉදිරිපත් කිරීමට නොහැකි තරම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බංකොලොත් වී ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේ වුවත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත්නම් විවාදය සඳහා ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළ කිරිඇල්ල මහතා ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යන එන මං නැතිවන ලෙස එම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද සූදානම් බවයි සඳහන් කළේ.

(LNW)