Monday, July 07, 2025
Follow Us
ශ්‍රීලනිපය වෙනසක් කරන්න යයි

ශ්‍රීලනිපය වසර ගණනකට පසු හදිසියේම කරන්න යන වැඩේ


පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිය තරුණ පෙරමුණ සහ කාන්තා සංවිධානය ප්‍රතිසංවිධානය කර දිස්ත්‍රික් සහ ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (15) රැස්වන අතර තරුණ පෙරමුණ හා කාන්තා සංවිධානය සඳහා නව නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී තීරණය කෙරෙන බව එම පක්ෂ ආරංචි මාර්ග ‘අරුණ’ ට ඊයේ (14) පැවසීය.

මෙම සංවිධාන දෙකේම ප්‍රතිසංවිධාන කටයුතු වසර ගණනකින් සිදු කර නොමැති බවත් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමත් සමග දිස්ත්‍රික් හා ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීම කඩිනම් කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

(Aruna)