මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෑම කොතරම් ප්‍රඥාවන්තදැයි ආණ්ඩුව කල්පනා කර බලන්නේ නම් වඩා හොඳ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ප්‍රශ්නය - ඇමතිතුමා දැන් පළාත් සභා මැතිවරණයක් ගේන්න යනවා එකපාරටම. මේක ඉන්දියාවේ බලපෑමත් එක්ක වෙන දෙයක්ද ?
"මං දන්න තරමින් නම් ඉන්දියාව විශේෂ බලපෑමක් කරලා නෑ පළාත් සභා ඡන්දය තියන්න කියලා. සාමාන්‍යයෙන් කොයි කාලෙත් ඉන්දියාව කැමතියි පළාත් සභා ඡන්දය තියනවා නම්, මොකද ඒගොල්ලොන්ගෙ දරුවා හින්දා. නමුත් විශේෂ බලපෑමක් කරලා තියෙනවායි කියලා මම දන්නෙ නෑ. නමුත් මෙවැනි තත්වයක් තුළ ඒ වගේ තීරණයක් ගැනීම කොච්චර ප්‍රඥාවන්තද කියලා කල්පනා කරනවා නම් හොඳයි"
ප්‍රශ්නය - ඒ කියන්නෙ ඔබතුමාලා විරෝධයක් දක්වනවාද පළාත් සභා මැතිවරණය ගේනවාට ?
"කොච්චර ප්‍රඥාවන්තද කියලා කල්පනා කරනවා නම් හොඳයි"
ප්‍රශ්නය - රටේ මෙවැනි අර්බුදයක් තියෙනකොට පළාත් සභා මැතිවරණයකට මුදල් වෙන්කිරීම සාධාරණයි කියලා හිතනවාද ?
"ඒ වසංගත තත්වය තවම 100%ක් රටින් බැහැරවෙලා නෑ. අපි දන්නෙ නෑ අනාගතයේ නැවත මේක කොයි විදියකින් ප්‍රබලව නැවත මතුවෙයිද නැද්ද කියන එක. ඉතිං ඒවා ගැන තක්සේරුවක් කළ යුතුයි. ඒවගේම රටේ ආර්ථිකය තියන තත්වයත් එක්ක මහජනතාවට සහන සලසන්න ඕනෙ වෙලාවක ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය දීලා කටයුතු කිරීම වැදගත් වෙන වෙන එව්වාට වඩා"
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)