Monday, May 06, 2024
Follow Us
ආණ්ඩුව තාවකාලික චූන් එක්කින් ඡන්ද ගොඩදාගන්න හදනවා. ඉදිරියේ එන්නේ දුර්භික්ෂයක් - නලීන්

ආණ්ඩුව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගෙනයන වැඩසටහන් නිසා රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැටෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

"ආණ්ඩුව තාවකාලික චූන් එකක් අරන් මැතිවරණ වලින් එගොඩ වෙන්න උත්සාහ කරනවා. අපි දන්නවා මේගොල්ලො ගමට සල්ලි දාපුවාම මේගොල්ලොන්ගෙ ගම්වල ඉන්න අයගෙ කෙරුවාව. ලක්ෂ 10ක 15ක පාරක් හදද්දී ලක්ෂ 5ක වැඩක් කෙරෙන්නෙ නෑ ඉතුරු එක සාක්කුවේ දාගන්නවා. අපි දැකලා තියෙනවා.

රුපියල් බිලියන 100කට වැඩි ප්‍රමාණයක් ගමට විසිකරලා මැතිවරණ ඉලක්ක කරගෙන කරන වැඩසටහන හරහා වෙන්නෙ අපි කබලෙන් ලිපට වැටෙනවා, හොඳට මතක තියාගන්න. දැන් බඩුමිල අහස උසට නැඟලා. ගෑස් එක ඩබල්. කිරිපිටි වැඩිවුණා. සීනි දැන් වෙළඳපොලේ නෑ. හාල් මිල පාලනය කරගන්න ආණ්ඩුවට බැරුව ගියා. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න මේ ඉදිරි ප්‍රශ්නත් එක්ක අපට දුර්භික්ෂයක් ඇතිවෙනවා. එනිසා අපි ආණ්ඩුවට කියනවා තමන්ගෙ මැතිවරණ සිතියම නෙවෙයි වැදගත් වෙන්නෙ රටේ අනාගතය"

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)