Tuesday, May 07, 2024
Follow Us
රිෂාඩ් බදියුදීන් දුරකතනය ප්‍රතික්ෂේප කරයි

තමන් රදවා සිටි සිරකුටියේ තිබී ජංගම දුරකතනයක් සොයාගත් බවට නගා ඇති චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසා තිබෙනවා.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සිරමැදිරියේ තිබී ඉකුත් සැප්තැම්බර් පළමු වනදා බන්ධනාගාර නිලධාරීන් ජංගම දුරකතනයක් සොයාගත් බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

ඊට අදාළව බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකරු වෙත චෝදනා නගා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබුණා.

ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ එම නඩුව කැදවූ බවත් එහිදී මන්ත්‍රීවරයා තමන්ට නගා ඇති චෝදනාවට නිවැරදිකරු බවට පැවසූ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළා.

ඒ අනුව ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.


(Neth)