Monday, May 06, 2024
Follow Us
රටවල් පොහොසත් උනේ විරෝධතා මර්දනය කරපු නිසා ගුරු පියවරු-මව්වරු මර්දනය කරන හැටි මම දන්නවා

ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය සාමකාමී විසඳුම්වලින් අවසන් කළ නොහැකි බවත්, සම්පූර්ණයෙන් මර්දනය කළයුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන සාමකාමී විසඳුම් ඔවුන්ට නොගැලපෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පාසල් විවෘත කිරීමෙන් පසුව සියලු ගුරුවරුන් සේවයට වාර්තා කළයුතු බවත්, එසේ සේවයට වාර්තා නොකරන ගුරු මව්වරුන් පියවරුන් මර්දනය කළ යුතු බවත් එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔවුන් මර්දනය කළයුතු ආකාරය තමා හොඳටම දන්නා බවත්, අවස්ථාව ලබා දෙන්නේ නම් මෙම ගැටලුව විසඳීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි කඩාකප්පල්කාරී විරෝධතා මර්දනය කර තිබෙන බවද මන්ත්‍රීවරයා පවසනවා.

ලෝකයේ රටවල් පොහොසත් වී තිබෙන්නේ විරෝධතා යටපත් කිරීමට, මර්දනය කිරීමට පාලකයන් පියවර ගත් නිසා බවත්, මහතීර් මොහමඩ්ලා ඩෙන් ෂියාවෝ පිංලා එසේ නොකළේ නම් එම රටවල් තවමත් ශ්‍රී ලංකාව‍ මෙන් දුප්පත් රටවල් බවත් එස්.බී. දිසානායක මහතා සඳහන් කරනවා.

(LNW)